කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු…
Read MoreTag: director general of health services sri lanka
කොවිඩ් සංඛ්‍යාලේඛන බොරුද?
දෛනිකව කොවිඩ් 19 සම්බන්ධව වාර්තාවක් නිකුත් වන්නේය. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවය. මේ වාර්තාවට අනුව රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව, සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුලු රෝගීන් ගණන, දැනට තහවුරු කරන ලද මුළු රෝගීන් ගණන, එම දිනයේ තහවුරු කරන ලද මරණ ගණන සහ තහවුරු කරන ලද මුළු මරණ ගණන ලෙස කොටස් කිහිපයකින් සමන්විතය. කොවිඩ් රැල්ල ආරම්භයේදී මෙන් නොව දැන් දැන් මේ වාර්තාවට අනුව රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යව අඩු වෙමින් ඇත. ඊට සාපෙක්ෂව රෝහල් වලින් පිටව යන සංඛ්‍යාව…
Read Moreසෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්
ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ ප්‍රතිශක්ති එන්නත් අතරත් මේ වන විට තරඟයක් ඇතැයිද මෙයින් හොඳ එක කුමක්ද යන්නත්, ලංකාවට හොඳ එක කුමක්දැයි යන්නත් තවම තහවුරු වී නොමැති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එය අධ්‍යයනය කරන තත්ත්වයකුත් ලංකාවේ නොමැති බවත් මෙවැනි ගැටලු සහගත පසුබිමක මේ එන්නත ලංකාවට පැමිණෙන දිනය තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියා ගැනීමට නොහැකි වී ඇති…
Read Moreකොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක් තිබුණේ නැත. තවමත් එසේමය. කොවිඩ් පළමු රැල්ලේ සිටම මොවුන්ගෙන් ලැබුණු සේවය අප්‍රමාණය. කැපවීම් අපමණය. මේ නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් පළමු රැල්ල අවසානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට විශේෂ පැකේජයක් ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ් සුපිරි හෝටලයක පවුලේ අය සමඟ දින කිහිපයක් නවාතැන් ගෙන විවේක ගැනීමටය. එම වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේ යළිඳු…
Read More