එදා සිටි හාම්පුතුන් යළි බලයට ගෙන ඒමේ උත්සහයක් – GMOA

එදා රාජිත සමඟ සිටි කට්ටිය දැන් යළි කතා කරන්නට පටන් ගෙන ඇති බවත් කොවිඩ් ක්‍රියාවලියට යොමු වී සිටින වෛද්‍යවරුන්ට එරෙහිව වැරදි මත සමාජය පුරා පතුරවමින් සිටින බවත් රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

මේ වන විට වෛද්‍යවරු රුපියල් 70,000- 80,000 ක් අනුමත කරගෙන ඇති බව ඔවුන් පවසන බවත් නමුත් ඇත්තටම මේ මුදල වෛද්‍යවරුද ඔවුන්ද අනුමත කරගෙන ඇත්තේ කියා සොයා බැලිය යුතු බවද ඔහු පවසයි.

දිවා රෑ වෙහෙස වී කොවිඩ් සමඟ සෘජුව වැඩ කරන වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් වශයෙන් බවත් එය අලුතෙන් ඉල්ලු දීමනාවක් නොවන බවද හෙතෙම සඳහන් කර සිටියි.

එදා රාජිත සේනාරත්න සෞඛ්‍ය විනාශ කරන විට මේ කථා කරන අය නිශ්ශබ්දව සිටි බවත් නමුත් දැන් ඔවුන් මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී පළමු පෙලේ සිටින වෛද්‍යවරුන්ට බාධා කරමින් පවතින බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

අපේ වෛද්‍යවරු විදේශයේ වෛද්‍යවරු මෙන් රෝගීන්ට ප්‍රතිකාර නොකර සැඟවුණේ නැති බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ දේශපාලනික වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමට මඩ ගැසීමෙන් වලකින ලෙසය. මේ  ඔවුන් දැන් උත්සහ කරමින් සිටින්නේ නැවත ඔවුන්ගේ හාම්පුතුන් බලයට ගෙන ඒ්මේ කුමන්ත්‍රණයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම