අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ තාවකාලික දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
ශ්වසන අපහසුතා ඇති රෝගීන් මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමග ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි සත්කාර ඒකකය තාවකාලිකව සකසා තිබේ. දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් පහසුකම් නොමැති වූවත් සමාන්‍ය ඇඳන් භාවිතා කර ඊට කබඩ් ලාච්චු තබා රෝගීන්ට ඔක්සිජන් ලබාගැනීමට හැකි ආකාරයට ඇඳන් සකසා තිබේ.
ඒ අනුව කැබිතිගොල්ලෑව කොවිඩ් නිවාරණ ඒකකයේ ඇඳන් හතරක් සකසා ශ්වසන අපහසුතාවය ඇති රෝගීන්ට ඔක්සිජන් ලබාදෙමින් ප්‍රතිකාර සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම් පියවර ගෙන තිබේ. වාට්ටුව තුළ ස්ථාපිත කළ තාවකාලිකව ස්ථාපිත කර ඇති දැඩි සත්කාර ඒකකයේ රෝගින් ප්‍රතිකාර ලබන අයුරු ඡායාරූපයේ දැක්වේ.
අනුරාධපුර-මහේෂ් විජේසූරිය