රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…
Read MoreCategory: පුවත්
මම භාරගැනීමට සූදානම්…!
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි. කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු. මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක්…
Read Moreගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් යන අයගේ නම් සදහන්ය.
Read Moreපෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන්නේ බස් රථවලින් සියයට 20 ක් පමණ ධාවනය කරන බවයි.
Read More21 වන සංශෝධනය සාකච්ඡාවට
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.එනම් එහි අරමුණ මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා බවයි.
Read Moreමුලු දිවයිනටම ඇදිරි නීතිය
අද (මැයි 16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයපවසයි.
Read Moreහෙට විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.
Read Moreගෑස් එයි..
රී ලංකාවට ගෑස් නෞකාවක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයාසමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ද ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තම සහයෝගයලබාදීමට එකඟ වූ බවට ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
Read Moreගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…
Read Moreස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
Read More