පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට නියමිතව තිබේ. මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයට සහභාගී විය. එම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා දැවැන්ත විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පළ තුලදී විරෝධතා රැලියක් ද පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කටයුතු…
Read MoreMonth: December 2021
අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර් 26 වැනිදා නිවේදනය කර ඇත්තේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයට සහ මාර්ග ආරක්ෂාව දියුණුව සඳහා ඩොලර් මිලියන 60 ක අරමුදල්, මිලියන 3 පිරිසකට සෙත ගෙන දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පේරාදෙණිය – බදුල්ල – චෙන්කලඩි මාර්ග දියුණු කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්-මර්ෂෙඩ් ඇතුළු නියෝජිත පිරිසක්…
Read Moreඅතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට් මණ්ඩලයේ වෙනසක් අලුත් අවුරුද්දේ සිදුවිය හැකි වෙතත්, (ඉස්සර, ජනේරුවට අපිත් අලුත් ඇඳුම් ඇන්දා), රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ‘ශූර’ ඥානයක් ගෝඨාභයටවත්, මොළේ අමාරුවක් රනිල් වික්රමසිංහටවත් තිබේද යන්න සැකසහිතය. අලුත් තනතුරු, අලුත් පත්වීම් කීයක් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැන් අප දැක තිබේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් ලේකම්වරුන් හතර දෙනෙකු මේ වන විට…
Read Moreලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.
හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා ඇතුළත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 13 ක් පමණ වන බවයි. ඔහු ඒ බව සදහන් කර ඇත්තේ උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දෙසැම්බර් 29 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක්…
Read Moreඋතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.
උතුරේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර තරඟයක් පැවතියත්, පේදුරු තුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාවය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කෙරෙන පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ඉන්දියාවට හෝ චීනයට ලබා දෙන්නේ නම් ප්‍රමුඛතාවය හිමිවන්නේ ඉන්දියාවට,” යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මුදල් යොදවා පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය අරඹනු ලැබුවේ යහපාලන ආණ්ඩුව විසිනි. උතුරේ ග්‍රාම සේවා වසම් 109 ක ගෘහ මුලික ස්ත්‍රීන්ගෙන් යුත් පවුල් 15000 ක්,රැකියා විරහිත…
Read Moreආණ්ඩුව වතුකරයේ ගුරු සහායකයන් රවටයි!
යහපාලන ආණ්ඩුව විසින් පත්වීම් ලබා දුන් මධ්‍යම පළාතේ ගුරු සහායකයන් 380 දෙනෙකු ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සේවයේ ස්ථිර කරන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දන්වා තිබුන ද අවසන් මොහොතේ එය අවලංගු කෙරිණි. “එක් එක් හේතු දක්වලා ගුරු සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම කල් දමන එක අපිට අනුමත කරන්න බැහැ,” කලක් කඳුරට ජනතා පෙරමුණ නියෝජය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, පසුව ලංකා කම්කරු කොංග්‍රසයට එක්වී එහි නියෝජ්‍ය නායකයෙකු වූ කනපති කනකරාජා මාධ්‍යවේදීන් හමුවේ [29] ප්‍රකාශ කළේය. වතුකරයේ ගුරු සහායකයන් රවටා ඇති බව පවසන ලංකා කම්කරු කොංග්‍රසය එම නිසා ඔවුන් විසින් වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට…
Read Moreදර ළිපේ කිරිබත් උයන්න ජනතාව තුළ විශාල උද්යෝගයක්!
මෙවර ජනවාරි පළමු දා අවුරුදු උදාව සැමරීමට සූදානම් වන ජනතාව වැඩි වශයෙන් දර ළිපේ කිරිබත් උයාගැනීම සඳහා උනන්දුවක් දක්වමින් ඇතැයි වාර්තා වේ. දේශීය දේවල් අගයන සහ ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිව තිබීම ජනතාවගේ මේ උනන්දුවට හේතුව බව දැනගන්නට ඇත. මෙම තත්ත්වය තුළ කොළඹ සුපිරි වෙළඳසැල් තුළද දරමිටි සහ දර ළිප් විකිණීමට තබා ඇති අතර දර මිටියක් අලෙවි වෙමින් ඇත්තේ රුපියල් 200ත් 700ත් අතරවූ විශාල මිලකටය.
Read Moreජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!
ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය නිසා මෙම වෙළඳසැල තුළ දිගු පෝලිමක් නිර්මානය වී පැවතීම නිසා සහ එම පෝලිම් ගැසුන ජනතාව මෙම මාර්ගය භාවිතා කරන ජනාධිපතිවරයාට හූ තබාවියැයි යන සැකය මත මෙම සීමාවන් පොලීසිය විසින් පනවා ඇතැයි දැනගන්නට ඇත. තත්ත්වය මෙසේ වෙද්දී අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක්…
Read Moreආයෙත් ලොව පුරා කොවිඩ් රැල්ලක්!
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්රෙබ්රියෙසස් අනතුරු අඟවයි. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර යුරෝපයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්රංශයෙනි. එම සංඛ්‍යාව 208,000. මීට අමතරව යුරෝපයේ සෙසුරටවලද විශේෂයෙන් ඩෙන්මාර්කයේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් ඇත. ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ලොව පුරා පර්යේෂණයේ නිරත විද්වතුන්ගේ මතය වී ඇත්තේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදය තරම් අසාධ්‍ය නොවුනද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතාමත්ම සීඝ්රයෙන්…
Read Moreචීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර මෙරටට ගෙන්වනු ලැබූ චීනයේ සීවියන් බයෝටෙක් ආයතනය, චින රජයෙන් ලංකාවට සම්බාධක පනවන්න යැයි ඉල්ලීමක් කරන්නට සූදානම් වන බැවින් ය. මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත තොරතුරු වාර්තා කරමින් කියාසිටින්නේ අදාළ සමාගමේ ඉහළ නිලධාරීන් දැනටමත් චීන රජය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි යොමුකර ඇති බවය. එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකවේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි යොමුකරන බවද…
Read More