ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ලංකා ආණ්ඩුව මේ අවස්ථා වනවිටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කියන රනිල් වික්‍රමසිංහ, ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබෙන බව අවධාරණය කරයි. එහෙත් මේ එන ආහාර අර්බූදය විසඳාගෙන තාවකාලික සහනයක් ලබාගැනීම උදෙසා ආණ්ඩුව මේ සාකච්ඡා සාර්ථක කරගත යුතු බව ඔහු අවධාරණය කරයි.

මෙම තත්ත්වය  යටතේ ජනතාව දැඩි නොසන්සුන් තාවයකින් පසුවන බවත් එම තත්ත්වය  පිපිරීමක් දක්වා වර්ධනය වුණහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

පුවත් මූලාශ්‍ය : ලංකාදීප

Social Sharing
නවතම