වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එන්න එන්නම අසාර්ථක වීම තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පහළ බසිමින් පවතින පසුබිමක තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීම සියතින්ම ගෙල සිඳ ගැනීමක් බව මෙම කණ්ඩායමේ අදහසයැයි දැනගන්නට ඇත.
මෙම කණ්ඩායම සමග දැනට මන්ත්‍රීවරුන් 30 දෙනෙක් පමණ සිටින බවද ඔවුන්ගේ මීළඟ ඉලක්කය එලබෙන ජනාධිපතිවරණය බවද දැනගන්නට ඇත.