ශ්‍රීලනීපය බැලන්ස් කරන්න ඇමති කටු!

එලබෙන ජනවාරි 18 නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් සිදුවන බවද එහිදී ශ්‍රීලනීපයේ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන ප්‍රබලයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වඟකීම බිඳහල ඇමතිවරුන් එම ධුරවලින් ඉවත්කළ යුතු බවට වූ බරපතළ ඉල්ලීමක් පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත් වී ඇතැයිද ඒ පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සලකා බලමින් සිටින බවද වාර්තා වෙන අතර ඔහුගේම අදහසක් ලෙස මෙලෙස ශ්‍රීලනීපයට ප්‍රබල අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දෙන්නට යෝජනාවී ඇත.

මේ පිළිබඳව අයිතිය වෙබ් අඩවිය පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රීලනීපයට දී තිබෙන අමාත්‍ය ධුර සංඛ්‍යාවට වැඩි යමක් දෙනවට තම පක්ෂයේ බහුතරය විරුද්ධ බවය.

කැබිනට් තීරණ විවේචනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට එම විවේචන කාර්‍ය ආණ්ඩුවෙන් එළියට ගොස් කරගන්නට අදාළ පහසුකම ජනාධිපතිවරයා මෙම සංශෝධනයේදී දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම