චීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ.

මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර මෙරටට ගෙන්වනු ලැබූ චීනයේ සීවියන් බයෝටෙක් ආයතනය, චින රජයෙන් ලංකාවට සම්බාධක පනවන්න යැයි ඉල්ලීමක් කරන්නට සූදානම් වන බැවින්‍ ය.

මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත තොරතුරු  වාර්තා කරමින් කියාසිටින්නේ අදාළ සමාගමේ ඉහළ නිලධාරීන් දැනටමත් චීන රජය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි යොමුකර ඇති බවය.

එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකවේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන වෙත  පැමිණිලි යොමුකරන බවද දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය තවදුරටත් අයහපත් අතට හැරුණහොත් ලංකාව තුළ උද්ගත ආර්ථික අර්බූදය තවත් උත්සන්න වෙනු ඇත.

Social Sharing
නවතම