ආයෙත් ලොව පුරා කොවිඩ් රැල්ලක්!

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රබේද නිසා වර්තමානයේ නැවතත් ලොව පුරාම දරුණු කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ග්‍රෙබ්‍රියෙසස් අනතුරු අඟවයි.

ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට නැවතත් කොවිඩ් රෝගීන් ගණන විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන අතර යුරෝපයේ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙනි. එම සංඛ්‍යාව  208,000.

මීට අමතරව යුරෝපයේ සෙසුරටවලද විශේෂයෙන් ඩෙන්මාර්කයේ, පෘතුගාලයේ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව ලොව පුරා පර්‍යේෂණයේ නිරත විද්වතුන්ගේ මතය වී ඇත්තේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදය තරම් අසාධ්‍ය නොවුනද, එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතාමත්ම සීඝ්‍රයෙන් බෝවන බවයි.

මේ අතර රොයිටර් වාර්තා කරන්නේ මේ වන විට ලොව පුරා දිනකට කොවිඩ් රෝගීන් 900,000ක් පමණ වාර්තා වෙමින් ඇති බවයි.

Social Sharing
නවතම