බොරතෙල් සපයාගත නොහැකිවීම නිසා නැවත වතාවක් ජනවාරි 03 දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ අර ඇත.
වර්තමාන විදේශ විනිමය අර්බුදය නිසා ආණ්ඩුවට බොරතෙල් මිලදී ගැනීමට නිහැකිවීම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමෙන් පසුව ජනවාරි 30 වෙනිදා සිට නැවත සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව විවුර්ත කිරීමට හැකිවේයැයි ඛනිජ තෙල් සංස්ථා කළමනාකාරිත්වය විශ්වාසය පළකරයි.