ජෙට්ටෙක දුන්නේ කවුද කියන්න බෑ – යෝෂිත රාජපක්ෂ

පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ පවුලේ සාමාජිකයන්  ඉන්දියාවේ තිරුපති වඳින්නට ගිය පුද්ගලික සංචාරය සඳහා ජෙට් යානය ලබාදුන්නේ අගමැතිවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහුගේ නම හෙළිදරව් කළ නොහැකිබවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළ බව, වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

එම මිතුරා ඉන්දීය ව්‍යාපාරිකයෙකු බවත් මෙම යානාව ලබාදුන්නේ  සුහදතාවය නිසා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම ජෙට් යානයේ සාමාන්‍ය ගාස්තුව පැයකට ඩොලර් 6700 පමණ වෙන බවද මාධ්‍ය වාර්තා පළවේ.

Social Sharing
නවතම