“බැරිවුණ ටික ඉතුරු තුනේ කරනවා,” ජනපති පුවත්පත් කතුවරුන්ට කියයි.

තමන්ගේ ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන් කැප කරන්නට සිදුවූ බවත් එම නිසා පොරොන්දු වූ වැඩ කරන්නට බැරිවුණ බවත්, තමන් කරන්නට පොරොන්දු වූ සියළු වැඩ එලබෙන අවුරුදු 3ක කාලයේදී අවසන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැ 27 දා ජනාධිපති ලේකම් කාර්‍යාල පරීශ්‍රයේදී පුවත්පත් කතුවරුන් මුණගැසුණ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හරිත කෘෂි කර්මාන්තයක්  සඳහා වූ තමන්ගේ උත්සාහයට නිළධාරීන් බාධා කළ බවය. තමා බලයට පත්වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් තිබූ බව මෙහෙදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා කොව්ඩ් අර්බුදය සමග සංචාරක කර්මාන්තය සහ අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම නිසා ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම, විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි බලපෑමක් කළ බව ප්‍රකාශ කර ඇත.

තමන්ගේ හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ වැඩපිළිවෙලට සේම පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීමට තමන් ගත් ක්‍රියාමාර්ගවලටද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබුණ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ප්‍රායෝගික නැති අමාත්‍යාංශ ලේකම්වරුන් ගැනද මෙහිදී චෝදනා නඟා ඇත.

Social Sharing
නවතම