මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

“IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ? වගේ ඒවා. දැන් අපි දකිනවානෙ සියලු නඩුවලින් සැකකරුවන්  නිදොස්කොට නිදහස් කරනා.  ඕවා තමයි IMF බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා. කවුද අපිව බේරාගන්න එන්නේ ? අද අපි ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. වංචාව, දූෂණය, නාස්තිය, සහ බලය අයතු ලෙස පාවිච්චියට ගැනීම මේ කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න බෑ. අපි වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නෙත් නෑ”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කළේ පසුගිය පසුගිය 26 දා කෝට්ටේදී පැවති ශ්‍රීලනීප ආසන බලමණ්ඩල රැස්වීමකදීය. එහිදී වර්තමාන ආණ්ඩු පක්ෂයේ සංයුතිය ගැනත් බරපතළ ලෙස කතා කරඇති ඔහු කියා ඇත්තේ මේ ආණ්ඩුවට ලැබුණ ජනවරම පොහොට්ටුවට පමණක් ලැබුණ වරමක් නොවන බවය. එම ජනවරම තනි අයිතියට ලියාගත නොහැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම