අමාරුවේ වැටෙන ශ්‍රී ලංකාවට සෞදි අත හිත!

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක්  සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර් 26 වැනිදා  නිවේදනය කර ඇත්තේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයට සහ මාර්ග ආරක්‍ෂාව දියුණුව සඳහා ඩොලර් මිලියන 60 ක අරමුදල්, මිලියන 3 පිරිසකට සෙත ගෙන දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පේරාදෙණිය – බදුල්ල – චෙන්කලඩි මාර්ග දියුණු කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්-මර්ෂෙඩ්  ඇතුළු නියෝජිත පිරිසක් එක් වු බවයි.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ  ප්‍රධාන විධායක නිලධාරීවරයා 2017 දී ශ්‍රී ලංකාවේ විවෘතකළ අපස්මාර රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන නැරඹීමෙන් පසු එහි සෞඛ්‍ය මට්ටම නැංවීම සඳහා අරමුදල ඩොලර් මිලියන 32 ක මූල්‍යාධාර, වෛද්‍ය උපකරණ සහ සේවාවන් නැංවීමට ආධාර ලබා දුන් බවත් ඔවුන් වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්-මර්ෂෙඩ් දෙසැම්බර් 29 වැනිදා අරලියගහ මන්දිරයේදී   අග්‍රාමාත්‍ය මහින්ද රාජයක්‍ෂ හමුවී අරමුදල මගින් සපයන සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන පසු විපරමක්ද  කර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ තමන් “මූල්‍ය සම්පාදන ඉඩප්‍රස්තා” සම්බන්ධයෙන් සවුදි සංවර්ධන අරමුදල සමඟ සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සිංහල බසින් නිවේදනය කර ඇති පරිදි 1975 වර්ෂයේදී අරමුදල ආරම්භ කළ දා සිට ශ්‍රී ලංකාවේ ජලය, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපනය, වාරිමාර්ග සහ මාර්ග ඇතුළු ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක කිරීම සදහා සංවර්ධන ණය 15 ක් ලබා දී ඇත.

“ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍යය සහ සමෘද්ධිය ගෙන ඒම සදහා සෞදී අරාබියේ රාජධානියේ රජයෙන් මෙතෙක් ඩොලර් මිලියන 425 ක සම්පුර්ණ මුදලක් ලබා දී ඇත.” එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

Social Sharing
නවතම