ආර්ථික අර්බූදය ලයිට් කපයි ද?

දැවි තෙල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා විදුලි මණ්ඩයටම තමන්ගේම ණයවර ලිපි හරහා ගෙන්වා ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවීම දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට සංස්ථාවෙන් ලබාගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන 90ක හිඟ මුදලක් ලංවීම තවමත් ගෙවා නැතැයි ද මෙම තත්ත්වය තුළ තවදුරටත් ඉන්ධන ගෙන්වීම සඳහා ලංවීමට සහාය වීම ප්‍රශ්නයක් බවද තෙල් සංස්ථාව ප්‍රකාශ කර ඇත. එහෙත් මේ පිළිබඳව ලංවීමේ ස්ථාවරය වී ඇත්තේ තම ආයතනයට ඉන්ධන ආනයනයට අවසර නැති නිසා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවයන් පියවා ගැනීමට තෙල් සංස්ථාව සමග තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

Social Sharing
ආර්ථික