මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් සඳ­හන් කරයි

විශ්‍රාම වැටුප් හිමි­කම අහිමි කිරී­මට පිය­වර ගැනී­මෙන් අවංක සමාජ සේව­ක­ය­න්ටද දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට ඉදි­රි­පත් විය නොහැකි වනු ඇති බවත් සිය කාලය හා ශ්‍රමය යොමු කරන මහ­ජන නියෝ­ජි­ත­ය­කුට සැනසීමේ ජීව­ත්වී­මට යම්කිසි පහ­සු­ක­මක් සැල­කීම ලෝකයේ බොහෝ රට­වල් අනු­ග­ම­නය කරන පාර්ලිමේන්තු සම්ප්‍ර­දා­යක් බවත් හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා සඳ­හන් කරයි. වර­ප්‍ර­සාද අහෝසි කිරී­මට වත්මන් රජ­යට මහ­ජන වර­මක්ද ලැබී ඇති බව පිළි­ගන්නා බවත්, එහෙත් රටේ ප්‍රධාන පුර­වැ­සියා වන රාජ්‍ය නාය­කයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත එම කරුණ පිළි­බ­ඳව සානුකම්පි­තව සලකා බැලිය හැකි බවට විශ්වාස බවද කරු ජය­සූ­රිය මහතා පව­සයි.

ඔහු වැඩි දුරටත් සඳ­හන් කරන්නේ, අප නිද­හස ලබන විට ඉඩම් හිමි, උගත්, ධන­වත් ප්‍රභූ පන්ති­යට දේශ­පා­ල­නය සීමා වූ බවත් එහෙත් 1956න් පසු සාමාන්‍ය පොදු මිනි­සාට දේශ­පා­ල­න­යට ඉඩ ලැබුණු අතර ඒ මඟින් විශාල සමාජ විප­ර්යා­ස­යක් ඇති වූ බවයි.

‘දිට්වා’ ව්‍යස­න­යෙන් පසු දේශය ගොඩ­නැ­ඟී­මට හා ජනතා සුභ­සි­ද්ධිය වෙනු­වෙන් ජනා­ධි­ප­ති­ව­රයා විශාල කැප­වී­ම­කින් ක්‍රියා කරන අව­ස්ථා­වක වෙනත් කරු­ණක් කෙරෙහි අව­ධා­නය යොමු­කි­රී­මට සිදු­වීම ගැන කන­ගාටු වෙන බවත්, එහෙත් හිටපු මැති ඇමැ­ති­ව­රුන් හා ඔවුන් අත­රින් ඇතැ­ම­කුගේ වැන්ද­ඹු­වන් ආදි පන්සි­ය­ය­කට ආසන්න කණ්ඩා­ය­මක් වෙනු­වෙන් මේ ඉල්ලීම කර­නුයේ දැඩි මානු­ෂීය හැඟී­මෙන් බවත් සදහන් කරයි. හිටපු මැති ඇමැ­ති­ව­රුන් කෙරෙහි දැඩි මහ­ජන අප්‍ර­සා­ද­යක් පසු­ගිය වක­වා­නුවේ ගොඩ­නැඟී තිබූ බවත්, සෑම මන්ත්‍රී­ව­ර­ය­කුම වංචා­කා­ර­යකු, දූෂි­ත­යකු ලෙස හංවඩු ගැසී තිබූ බවත්, සම­ස්ත­යක් ලෙස සලකා බලන කල්හි එය සාධා­රණ නොවන බව අපගේ හැඟී­ම බවත් ඔහු පවසයි. ජයසූරිය මහතා පවසන්නේ, හිටපු මහ­ජන නියෝ­ජි­ත­යන් අතර වමේ ගෞර­ව­නීය දේශ­පා­ලන නාය­ක­යන් සහ 30කට ආසන්න හිටපු ජවිපෙ මන්ත්‍රී­ව­රුන් මෙන්ම දේශ­පා­ල­න­යෙන් තම දේපළ නැති කර­ගත් අවංක මහ­ජන නියෝ­ජි­ත­යන් රාශි­යක් ද සිටින බවත් ඔහු පවසයි.

එහෙ­යින් මේ පනත ක්‍රියා­ත්මක කිරී­මට පෙර සර්ව­පා­ක්ෂික නියෝ­ජිත පිරි­සක් හමුවී මේ පිළි­බ­ඳව සාකච්ඡා කර මානු­ෂි­කව මේ ප්‍රශ්නය කෙරෙහි අව­ධා­නය යොමු කර විස­ඳු­මක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Social Sharing
නවතම පුවත්