මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කෙරේ.

 

මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියෙකු පහර දී ඝාතනය කොට මරා දැමීමේ පුවතක් අද දින වාර්තා වේ. ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් මෙම පහර දීම සිදුකර ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නාන්දිමාල් සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළ වීඩීයෝවක් දක්නට ලැබෙන අතර ඔහු පවසන ආකාරයට බන්ධනාගාර තුළ පවතින තදබදය හමුවේ රැඳවියන් විවිධ පීඩාකාරී තත්වයන් වල පසුවන බවත් එවැනි අවස්ථාවල බන්ධනාගාර තුළ විවිධ කලබලකාරී තත්ත්ව ඇති විය හැකි බවයි. එහෙත් එවැනි අවස්ථාවන් තුළ මෙවැනි ආකාරයට බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කිරීම ගැටලු සහගත බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

සුදේශ් නන්දිමාල් මහතා ෆේස් බුක් හී පළකළ වීඩීයෝව පහතින්

Social Sharing
නවතම පුවත්