
දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කළ, ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා වෙත ශාරීරිකව පහරදීම සහ බියවද්දා පළවා හැරීම සම්බන්ධ සිදු වීමකට අදාළව ඔහු විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරට එරෙහිවයි.
එම පාගමන වාර්තා කිරීමට උත්සාහ කිරීමේ දී චන්දන සූරියබණ්ඩාර විසින් තමාව වැළැක් වූ බවත්, එහි දී තමන් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු බව පවසමින් ගෙලෙහි පැලද සිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් මාධ්‍ය හැදුනුම්පත පෙන්වීමට කටයුතු කළ බවත්, එය ද නොතකා චන්දන සූරියබණ්ඩාර විසින් තමන්ව තල්ලු කර දමා පාගමනේ සිටි පිරිස ඉදිරියේ කුපිතව බැණ වැදුනු බවත් අප කළ විමසීමක දී මාධ්‍යවේදී බුවනෙක එස් පෙරේරා සඳහන් කරනු ලැබුවා.
කෙසේ නමුත්, මෙම සිද්ධිය හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කර තිබෙනවා. (What News)
එම ලිපිය පහතින්


