ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් – අජිත් පැරකුම් ජයසිංහ

මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඇතිවෙන අභියෝග ගැන මොවුන්ට කිසිදු අදහසක් නෑ. යුද්ධය නිසා තීව්‍ර වන බලශක්ති, පොහොර සහ ඒ පිටුපසින් එන ආහාර අර්බුද නිසා අපට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා.

ජවිපෙ ආණ්ඩුව කරන්නේ ජනතාවට තියෙන බය නිසා වැඩි මිලට ගෙනත් අඩු මිලට ඩීසල් දෙන එක, වගාවට තියෙන වතුර ටිකත් ජල විදුලියට අරින එක වගේ ගොන් වැඩ. ගල් අඟුරු හොරකම, ඩීසල් වංචාව, ඩොලර් හොරකම වැනි තමන්ගේ ක්‍රියා ආවරණය කර ගැනීම සඳහාත්, ගහපු කයිවාරු නිසාත්, කරන විකාර නිසා මේ වෙලාවේ කළ යුතු දේවල් ඔවුන්ට අතපසු වෙනවා.

ඉදිරියේදී ඇතිවන අර්බුදයට රාජ්‍යය හා සමාජය සූදානම් කිරීම දැන් සිටම ආරම්භ කළ යුතුව තිබුණත් ඔවුන්ට එහි වගේ වගක් නැත.
බුද්ධිමත් පාලකයන් පිරිසක් පත් කර ගත යුතුව තිබුණත්, වගකීමකින් තොර, ඉවසීමක් නැති ජනතාවක් සමග කුමන පාලකයකුටවත් කළ හැකි දෙයක් නැත.
ඒ නිසා ජවිපෙටත් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ඊනියා ජනතාවටත් කුද ගසා ගන්නට ගියා අපේ පණ ගැට ගසාගන්නාා හැටි ගැන අවධානය යොමු කළ යුතුව ඇත.
ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක් සොයා යමු.

Social Sharing
නවතම පුවත්