
මහා භාණ්ඩාගාරය විසින් තුන් පාර්ශවය වෙත මිලියන 2.5ක මුදල් ගෙවීමක් සිදුකර ඇති දැයි විමර්ෂණය සඳහා පූර්ණ විගණනයක් සිදු කළ යුතු බවට ‘දිනන දකුණ සාමූහිකය’ ඊයේ දින කොළඹ සන්ධාර හීදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න, ජනාධිපතී නීතිඥ මෛත්‍රී ගුණරත්න සහා නායකත්ව මණ්ඩල සමාජික නදීශ ද සිල්වා මහතා අදහස් පළ කළේය.
එහි දී අදහස් පළකළ එම සංවිධානයේ නායකත්ව මණ්ඩල සමාජික නදීශ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ පෙර පැවැති රජයන් වල අක්‍රමිකතා හා දූෂණයන් සම්බන්ධව පවසමින් බලයට පැමිණුන මෙම රජයේ හැසිරීම පරස්පර විරෝධී බවයි.අවුරුදු 76ක් තිස්සේ පක්ෂ කිහිපයක් සිදුකළ දූෂණයන් මෙම ආණ්ඩුවෙන් ද ඉතා හොඳින් ක්‍රියාත්මක කරගෙන යන බව එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටියේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ඔවුන් ඉකුත් 22වන දා කථානායකවරයා වෙතට වර්තා කළ බවත් මේ සම්බන්ධයෙන් විෂය භාර නිලධාරියා වශයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් මේ වන විටත් සිදු නොකළ බවයි. ඒ අනුව ඔවුන් මෙම වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න 22ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව ඔහු මෙහි දී කියා සිටියේය.
ඔහු පවසා සිටින්නේ මෙවැනි අක්‍රමිකතා දිගින් දිගටම වාර්තා වුණොත් සංවර්ධන සඳහා කිසිදු රටකින් ණය ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි. ඒ අනුව ඔහු පවසා සිටින්නේ මුදල් අමාත්‍යංශ ලේඛම් වන හර්ෂණ සූරියප්පෙරුම මෙම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එකී ධූරයට ඔහුව පත්කළ ජනාධිපතිවරයා ද මුදල් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
