රටම උණුසුම්..!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම වැඩවර්ජනය සමග මෙම විරෝධතා රැල්ල සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගර හරහා පැතිර යමින් තිබෙයි.

මෙම බොහෝ විරෝධතා ජනතා කලකිරීම උද්වේගය වේදනාව සහ බලාපොරොතු කඩවීම් නිසා තවතවත් උණුසුම්ව ප්‍රචණ්ඩත්වය දෙසට ගමන් කරමින් තිබෙයි.

මෙම තත්ත්වය නිසා පාලකයන් සිය තනතුරු අතහැර ඉක්මනින් ගෙදර යාම රටේ අනාගතයට සුබදායක බව කිවයුතුය.

Social Sharing
නවතම