රුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!

ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත.

එසේම 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවත් එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටී ඇති බවත් එම වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දී ඇත.

එනම් වඩාත් බාල්දුම මුදල් ඒකකය ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැන ගෙන ඇත. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඝානාවත්, තෙවැනි ස්ථානයට ඊජිප්තුවත්, සිවුවැනි ස්ථානය සඳහා රුසියාවත් පත්ව ඇත.

එසේම ආසියානු සංවර්ධන බැංකුව මඟින් නිකුත් කළ ‘Asian Development Outlook’ වාර්ෂික වාර්තාවට අනුව මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 24%ක් දක්වා අඩුවිය හැකි බව වාර්තා වේ. රාජ්‍ය ණය වැඩි වීම, විනිමය සංචිත පහළ යෑම සහ උද්ධමන පීඩනය වැඩි වීම මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

Social Sharing
නවතම