මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී බී රත්නායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩලස් අලහප්පෙරුම, යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවනු ඇතැයි දැනගන්නට ඇත. තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත්…
Read MoreTag: pohottuwa party members
විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ. දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා…
Read Moreපෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..
කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වෙබ් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම අවස්ථාවේදී ගෑස් සිලින්ඩර්වලින් පහර දීම සිදුකර ඇති අතර එම ආමාත්‍යවරයා වහාම එම ස්ථානයෙන් පළාගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර එම සිද්ධියට පසුව අදාළ ස්ථානයේ විරෝධතාවයක්ද පැවතී ඇත. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති…
Read Moreජනපති රටින් පනින්නේ නෑ!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන යන පුද්ගලයකු නොවන බවත්, රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට සහ ජනතාවට සහන දීම සඳහා ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. මෙම අර්බුද අවස්ථාව ප්‍රයෝජනයට අරගනිමින් ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Read Moreපොහොට්ටුවෙන් කුණු බිත්තර විරෝධතා රැල්ලක්..!
වර්තමාන ආර්ථික අර්බුදයට විපක්ෂය වඟකිව යුතුයැයි ප්‍රකාශ කරමින් ඇතුල් කෝට්ටේ සජබ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රමුඛ උද්ඝෝෂකයින්, සජබ කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි. මීට ප්‍රථම පසුගිය 5 දා හවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හෝකන්දර නිවස ඉදිරිපිටට ගිය කුඩා උද්ඝෝෂකයින් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුවායැයි ඇයට විරුද්ධව විරෝධතා දක්වනු ලැබිණි.
Read Moreවිමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ ‘පැනික්’ වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඇත්තටම මෙතනදී ආණ්ඩුව කියලා කියන්නේ රාජපක්ෂ පවුල් ගහා. මේ බලා සිටීම අස්සේ වෙන දේවල් මොනවාද? ඩොලර් කළු කඩය මේ අස්සේ නැඟලා යනවා. නැවක් ආවාම පිටකොටුවෙන් ඩොලර් හොයලා තමයි ගෙවන්නේ.(මුදල් ඇමති තුමා කියන්නේ එහෙමනේ). ඒ අස්සේ දැන් පෙට්‍රල් ෂෙඩ්ස් වල ‘වැඩකරන අපේ විරුවා’ සිංදුව දාගෙන මිනිස්සු නටනවා. මාර්තු 5න් පස්සේ, ජනාධිපති නොකපා කරන්ට් එක…
Read Moreවාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. මෙහිදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඉහත අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කිරීම පිළිබඳව විරෝධය දක්වා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වුණත් සී බී රත්නායක අමාත්‍යවරයා ඉවත්ව යන්නේ මෙම කැබිනට් සංශෝධනයේදී හොඳ අමාත්‍යාංශයක් නොලැබීම නිසා සහ තම දිස්ත්‍රික්කයේම එස් බී දිසානායකට ප්‍රබල අමාත්‍යාංශයක් ලබාදීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් බව ඔහුට සමීප ආරංචි ප්‍රකාශ කරයි. මේ අතර ‘රට හරි මගට’…
Read Moreගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!
පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. ‘රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවෙන බව’ ගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කිරීම මේ බැනාඬගැසීමට හේතුව වී ඇත. ජයන්ත කැටගොඩ මෙලෙස උදය ගම්මන්පිළ දැඩිව විවේචනය කරන්නට වූ පසුව මහින්දානන්ද අලුත්ගම, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්ද උදය ගම්මන්පිළිට තදින් දෝෂාරෝපනය කර ඇතැයි දැනගන්නට ලැබේ. මෙහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ බහුතරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මාධ්‍ය ඉදිරියට ගොස් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන…
Read Moreකෝටි 5ක් ඇද්ද ‘මෝඩ යකා’ කවුද?
රටේ ඉහළම නායකයෙක්ගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි 5කට වැඩිය මුදලක් ‘මෝඩ යකෙක්’ ඇඳලා කියලා නැත්තං හොරා කාල කියලා හැමතැනම ආරංචියක් යනවා. අයිතිය වෙබ් අඩවිය මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයේ වැඩකරන කෙනෙක් ගෙන් ඇහුවා මිනිහා කියන්නේ කසුකුසුව යන විදිහට නම් වැඩේ ඇත්ත කියලා. හොරුන්ගේ හොරු කම්බා හොරු කියලා කතාවක් තියෙනවා නේ, ඒ හින්දා ඉතිං අපි මේ ගැන එච්චර හොයන්න ගියේ නෑ. ඒත් දීර්ඝ කාලයක් මන්ත්‍රී වැටුප නොගෙන ඒක තියෙනවද නැද්ද කියලා දන්නෙවත් නැතුව වගේ හිටිය මේ නායකයා, මේ කාලේ ජීවත් වුණේ කොහොමද? ඒකට මන්ත්‍රී වැටුප ගත්තේ නැත්තං සල්ලි ආවේ කොහොමද කියලා…
Read Moreපොහොට්ටු හිතවතාට වයඹ උපකුලපති දෙන්න – බී වයි ජී
කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි බී වයි ජී රත්නසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්‍ය එච් එම් ඒ හේරත් පත්කර දෙන මෙන් ඉල්ලා ඇත. පසුගිය ජනවාරි 22 දා ලිපියක් ජනාධිපති වෙත යවමින් ඉහත ඉල්ලීම කරන මෙම මන්ත්‍රීවරයා මෙම මහාචාර්යවරයා වයඹ විශ්ව විද්‍යාලය තුළ වසර 21 ක් පමණ සේවය කරන බව සඳහන් කර ඇත. කුලියාපිටියේම ජීවත් වෙන නිසා මෙම තනතුරට ඔහු වඩාත්ම සුදුසු බවද එම ලිපිය මගින් අඟවා ඇත. පසුගිය කාලයේ ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයෙන් තමන්ට පැවරුණ බලතල බාවිතා කරමින් කොළඹ විශ්ව…
Read More