හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත.

ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී බී රත්නායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩලස් අලහප්පෙරුම, යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවනු ඇතැයි දැනගන්නට ඇත.

තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී එල් පීරිස් සහ අලි සබ්රි යන මහත්වරුන්ට අමතරව, වෛද්‍ය රමේෂ් පතිරණ, දිලුම් අමුණුගම යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමි වන අතර, ඉතිරි කැබිනට් තනතුරු තරුණ අමාත්‍යවරුන් ගණනාවකට හිමිවීමට නියමිතය.

Social Sharing
නවතම