“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”

විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්‍ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි.

දෙල්කඳ පොළේදී රටේ වර්තමාන ප්‍රශ්න ගැන මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා ප්‍රශ්න කළේ පොහොර නැතිකර ඵලදාව ගන්නේ කොහොමද කියා ය. රටේ වර්තමාන තත්ත්වයට තීන්දු තීරණ ගන්නා අය වඟකිව යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා කරන්න බැරිනම් පුලුවන් පිරුසකට රට භාරදීම කරන්න බැරි අයගේ වඟකීම බව ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම