ජනපති රටින් පනින්නේ නෑ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි.

වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන යන පුද්ගලයකු නොවන බවත්, රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට සහ ජනතාවට සහන දීම සඳහා ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙම අර්බුද අවස්ථාව ප්‍රයෝජනයට අරගනිමින් ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම