පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..

කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වෙබ් මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම අවස්ථාවේදී ගෑස් සිලින්ඩර්වලින් පහර දීම සිදුකර ඇති අතර එම ආමාත්‍යවරයා වහාම එම ස්ථානයෙන් පළාගොස් ඇතැයිද කරුණු වාර්තා වෙන අතර එම සිද්ධියට පසුව අදාළ ස්ථානයේ විරෝධතාවයක්ද පැවතී ඇත.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා බවද දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම