සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත.

විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර එයට ආසන්නතම හේතුව දෙල්කඳ පොළ පරීශ්‍රයේදී මාධ්‍ය අමතා සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීමය.

මේ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත දැරූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එස් බී දිසානායකට හිමිවෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ.

Social Sharing
නවතම