ගම්මන්පිළට, කැටගොඩ කටෙන් ගහයි!

පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි.

‘රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය පමණක් නොවෙන බව’ ගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කිරීම මේ බැනාඬගැසීමට හේතුව වී ඇත. ජයන්ත කැටගොඩ මෙලෙස උදය ගම්මන්පිළ දැඩිව විවේචනය කරන්නට වූ පසුව මහින්දානන්ද අලුත්ගම, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්ද උදය ගම්මන්පිළිට තදින් දෝෂාරෝපනය කර ඇතැයි දැනගන්නට ලැබේ.

මෙහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටුවේ බහුතරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මාධ්‍ය ඉදිරියට ගොස් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ආණ්ඩු පක්ෂයේ පිරිස්වලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.

මෙහිදී උදය ගම්මන්පිළ අමාත්‍යවරයා කිසිත් ප්‍රතිචාරයක් නොදක්වා කරබාගෙන සිට ඇතැයි දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම