විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන       බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි.

ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ.

දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා කර යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික විධායක සභාවක් පිහිටුවීම, ණය සහන කාලයක් ඉල්ලා සිටීම, වරප්‍රසාද නොලබන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනාවලට ඇතුළත් බව ඔහු පැවසීය.

Social Sharing
නවතම