රටේ ඉහළම නායකයෙක්ගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි 5කට වැඩිය මුදලක් ‘මෝඩ යකෙක්’ ඇඳලා කියලා නැත්තං හොරා කාල කියලා හැමතැනම ආරංචියක් යනවා. අයිතිය වෙබ් අඩවිය මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැඩකරන කෙනෙක් ගෙන් ඇහුවා මිනිහා කියන්නේ කසුකුසුව යන විදිහට නම් වැඩේ ඇත්ත කියලා.
හොරුන්ගේ හොරු කම්බා හොරු කියලා කතාවක් තියෙනවා නේ, ඒ හින්දා ඉතිං අපි මේ ගැන එච්චර හොයන්න ගියේ නෑ. ඒත් දීර්ඝ කාලයක් මන්ත්‍රී වැටුප නොගෙන ඒක තියෙනවද නැද්ද කියලා දන්නෙවත් නැතුව වගේ හිටිය මේ නායකයා, මේ කාලේ ජීවත් වුණේ කොහොමද? ඒකට මන්ත්‍රී වැටුප ගත්තේ නැත්තං සල්ලි ආවේ කොහොමද කියලා අහන එක පුරවැසියාගේ යුතුකමක් සහ වඟකීමක්. මම හිතන්නේ පුරවැසියෝ අහන්න ඕනෑ මේ දේශපාලන නායකයා මේ කාලේ ජීවත්වුණේ කොහොමද? පවුල නඩත්තු කළේ කොහොමද කියලා.
කොහොම වුණත් මේ කම්බා හොරා ATM කාඩ් එකකින් සල්ලි ඇදලා කියලා තමයි කසුකුසුව. කොහොම වුණත් සියලු සල්ලි අරගෙනත් කියලා කතාව. සමාජ ජාල මාධ්‍ය භාවිතා කරපු ගොඩක් තරුණයෝ මේ කම්බා හොරාගේ වැඩේ ‘ෂා’ මාරයි කියලා එහේ මෙහේ වනලා තිබුණා. ඒත් ඉතිං මේ හොරාට සමීපව ඉන්න මෑන් කෙනෙක් කීවේ ‘ලොක්කට කියලා ගන්න ඇත්තේ බන් දැන් මිනිහට මේ කියන එක මේ මතක නෑනේ ඒකයි අවුල..’ එහෙම වෙන්නත් පුලුවන්. මේ සිද්ධියෙන් පේන්නේ අපේ පාර්ලිමේන්තු සනුහරේ ඔය මන්ත්‍රී වැටුපෙන් නෙවෙයි ජීවත් වෙන්නේ ඒ අයට වෙනත් ධන නිධාන මේ මන්ත්‍රී කෙරුවාව නිසා පහළවෙලා කියන දේයි..