කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි බී වයි ජී රත්නසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට මහාචාර්‍ය එච් එම් ඒ හේරත් පත්කර දෙන මෙන් ඉල්ලා ඇත.
පසුගිය ජනවාරි 22 දා ලිපියක් ජනාධිපති වෙත යවමින් ඉහත ඉල්ලීම කරන මෙම මන්ත්‍රීවරයා මෙම මහාචාර්‍යවරයා වයඹ විශ්ව විද්‍යාලය තුළ වසර 21 ක් පමණ සේවය කරන බව සඳහන් කර ඇත. කුලියාපිටියේම ජීවත් වෙන නිසා මෙම තනතුරට ඔහු වඩාත්ම සුදුසු බවද එම ලිපිය මගින් අඟවා ඇත.

පසුගිය කාලයේ ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයෙන් තමන්ට පැවරුණ බලතල බාවිතා කරමින් කොළඹ විශ්ව විද්‍යලයට සහ කැලණිය විශ්ව විද්‍යාලයට නව කුලපතිවරුන් ලෙස තමන්ගේ දේශපාලන හිතවතුන් දෙදෙනෙක් පත් කළ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය ඉවත් කර වෙනත් අයෙක් ඒ තනතුරට පත් කරන්න ද කටයුතු කළේය. මේ සමග විශ්ව විද්‍යාල පත් කිරීම් දේශපාලනීකරණය වීම පිළිබඳව විශාල සාකච්ඡාවක් සමාජයේ ඇතිවුණ අතර එම සංවාදය වියැකී යන්නටත් මත්තෙන් මෙලෙස ඉල්ලීමක් ඉදිරිපත්වීම බරපතළය.
එම ලිපිය පහතින්…