වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

මෙහිදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඉහත අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කිරීම පිළිබඳව විරෝධය දක්වා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වුණත් සී බී රත්නායක අමාත්‍යවරයා ඉවත්ව යන්නේ මෙම කැබිනට් සංශෝධනයේදී හොඳ අමාත්‍යාංශයක් නොලැබීම නිසා සහ තම දිස්ත්‍රික්කයේම එස් බී දිසානායකට ප්‍රබල අමාත්‍යාංශයක් ලබාදීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් බව ඔහුට සමීප ආරංචි ප්‍රකාශ කරයි.

මේ අතර ‘රට හරි මගට’ සම්මන්ත්‍රනයට සහභාගීවූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත යන අයටත් විරුද්ධව පොහොට්ටු පසුපෙළ විශාල හඬක් නඟමින් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හටත් සිය අමාත්‍යාංශය අහිමිව යා හැකි බව වාර්තා වෙයි.

Social Sharing
නවතම