බලමු මොකද වෙන්නේ කියලා…

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැ 03 දා පැවති කැබිනට් හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඇතැයි අනුමාන කරන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අවුරුදු පහකට වරක් ජනතාවගේ වෙලාව එන බවයි. එම වෙලාවේදී මේවාට ජනතාව නිවැරදිව ප්‍රතිචාර දක්වනු ඇතැයි ප්‍රකාශ කරන ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් එලවා දැමීම තමන්ගේ දේශපාලන අනාගතයට සුබයැයි ප්‍රකාශ කරයි.

තමන් හොඳටම දේශපාලනයේ තෙම්පරාදු චරිතයක් බවත්, තමන් ජනාධිපතිවරුන් තුන්දෙනෙක් යටතේ සාර්ථකව වැඩකළ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දීර්ඝ කාලයක් මෙහෙයවූ පුද්ගලයා බවත් ප්‍රකාශ කරන ඒ මහතා, හෙට සිට උසාවි යන බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම