පොහොට්ටුවෙන් කුණු බිත්තර විරෝධතා රැල්ලක්..!

වර්තමාන ආර්ථික අර්බුදයට විපක්ෂය වඟකිව යුතුයැයි ප්‍රකාශ කරමින් ඇතුල් කෝට්ටේ සජබ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රමුඛ උද්ඝෝෂකයින්, සජබ කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මීට ප්‍රථම පසුගිය 5 දා හවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ හෝකන්දර නිවස ඉදිරිපිටට ගිය කුඩා උද්ඝෝෂකයින් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුවායැයි ඇයට විරුද්ධව විරෝධතා දක්වනු ලැබිණි.

Social Sharing
නවතම