ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ කරයි.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින බවයි. අකර්මන්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය  පියවර ගෙන තිබෙන බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

රජයේ කොවි මර්ධන වැඩපිළිවෙළ ජාත්‍යන්තරව පවා පැසසුමට ලක්වූ බව මෙහෙදී ජනාධිපතිවරයා පවසා ඇත.

Social Sharing
නවතම