online වර්ජනය තවදුරටත්!

online education strike continues Joseph Stalin

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත් එසේ නියෝගයක් ලබා දී ඇත්තේ කොහේදැයි විමසන ඒ මහතා කියා සිටින්නේ මේ සියලුල සිදු වන්නේ ආණ්ඩුවේ සහ පොලිසියේ උවමනාව මත බවයි. එදා අධිකරණයෙන් ඇප ලබා දුන් පසුවත් නිරෝධායනයට කියා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් කලේ නිරෝධායනය නොවන බවත් එය අයුතු රඳවා ගැනීමක් බවද කියා සිටියි. කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය  මෙන්ම මිලිටරිකරණය කිරීමට සුදානමට…

Read More

කුමන වේශයකින් ආවත් කොතලාවල පනත පරාජය කළ යුතුය! – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

kotelawala defence university act Must be defeated

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන් ගෙන් වෙනස් වූයේ ඊට ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් එමෙන්ම කුසලතා අනුපිළිවෙලින් පිට පැන එයට සිසුන් බඳවා ගැනීමත් ය. එහිදී වඩාත් ම බැරෑරුම් ගැටලුව වූයේ එම වෛද්‍ය පීඨයෙන් ලබා දුන් අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවයට වඩා එමගින් සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති කරලීමය. සයිටම් ආයතනය යනු පෞද්ගලික ආයතනයකි. එනම් එය ව්‍යාපාරිකයකුට අයත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ම පවත්වාගෙන ගිය…

Read More

“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!

Stop the trade union struggles Pavithra Wanniarachchi

“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඡෝෂප් ස්ටාලිං, වී.අයි ලෙලින්, කාල්මාක්ස් සහ පියුම් හංසමාලි වෙනුවෙන්වත්, අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසූ මොහොමඩ් වැනි මේ කාටත් එක හා සාමාන බැවින් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රටේ පොලීසියට සිදු වෙන බවද ඇය කියා සිටියි. ජාතික ව්‍යසනයක් පවතින මෙවැනි අවස්ථාවක ගුරු මව්වරුන්ගේ…

Read More

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

Joint protest by the Teachers and Principals Association

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ  (16) පොලොන්නරුවේ දී පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ විරෝධතාවට සහභාගී වෙමිනි. ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාව පොලොන්නරුව පොල හන්දියේ සිට රෝහල හන්දිය දක්වා ගමන් කළ අතර රෝහල හන්දිය අසලදී විරෝධය පළ කර සාමකාමීව විසිර ගියහ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා වහා ඉවත් කරනු, ගුරුසංගම් නායකයින්…

Read More

මානව හිමිකම් කොමිසම ගුවන්  හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි.

Human Rights Commission requests report from Air Force Commander

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය මහතාගේ අත්සනින් යුක්තව මෙම ලිපිය ඉකුත් 14 වෙනි දින ගුවන් හමුදාපතිවරයා වෙත යොමු කොට ඇත. එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂණ් සභාව වෙත ඉකුත් 09 දින ලද පැමිණිල්ලකට අනුව පැමිණිලි…

Read More

බඩු මිල ඉහල යාමට විරුද්ධ උතුරේ උද්ඝෝෂණයකට පොලිස් බාධා!

Jaffna Protest Releasing political prisoners and lowering prices

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ. යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි  පසුගිය සති අන්තයේ උද්ඝෝෂණය දියත් කර තිබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය විසිනි. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කිරීම මූලික කරගත් එම විරෝධතාවයේදී,  වසංගත නීති යොදා ගනිමින් සිදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා නවත්වන ලෙස රජයට බල කළ උද්ඝෝෂකයෝ රටේ සියලුම ජනතාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන ලෙසත් බල කර තිබේ. රජය විසින් පසුගියදා ඉන්ධන…

Read More

උද්ඝෝෂණයේදී අගතියට පත් පිරිසට පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ඉල්ලයි!

Victims demand compensation Protest against Kotelawala Act

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් උද්ඝෝෂකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා  තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙදින පොලිසීය ඇතුළු බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස ද නීති විරෝධීව අත්අඩංගුවට ගෙන කෘර අමානුෂික හා අවමන්සහගත සැලකිල්ලට බඳුන් කරනු ලැබ මේවන විටත් නීති විරෝධීව රඳවා තබා ගෙන සිටින ජෝසප් ස්ටාලින් මහතා ඇතුලූ පිරිසගේ ජීවිත…

Read More

ආණ්ඩුවට දැන් ඇති එකම විකල්පය කොතලාවල පනත හකුලා ගැනීම පමණයි!

Kotelawala Act Medical Faculty Student Action Committee

“එක රටක් එක නීතියක්” යන තේමාව පෙරටු කරගෙන බලයට පැමිණි ගෝඨාභය පාලනය, ආණ්ඩුවට වාසි සහගත ජන ඒකරාශීවීම් සඳහා එක් ආකාරයකටත්, ආණ්ඩු විරෝධී ජන ඒකරාශීවීම්වලට තවත් ආකාරයකිනුත් කොවිඩ් මාර්ගෝපදේශ අවභාවිතා කිරීම සැබැවින්ම හාස්‍යයට කරුණක් බවත් අද ඔවුනට එම වුවමනාව ඉටුකර දෙන ආයතනය බවට ශ්‍රී ලංකා පොලීසිය පත්ව ඇතැයිද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි. කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහි සිසු – ජන විරෝධතාවයේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකල මැදිහත්වීම සම්බන්ධව විශේෂ ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මේ බව පවසා සිටියි. මෙම ලිපිය යොමු කර ඇත්තේ එම කමිටුවේ…

Read More

පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

Police Commission is investigating the role of the police

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සහ බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබියදී ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව පොලීසියට චෝදනා කරමින් කරමින් සිටියි. ඒ ඔවුන් සිය බලය අවභාවිතා කළ බවටය. බලහත්කාරී ලෙස නිරෝධායන කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේද මූලික අයිතිවාසිකම් පෙත්සම්…

Read More

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!

Joseph Stalin challenges Minister Sarath Weerasekara

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ  විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස  රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර අමාත්‍යවරයාට අභියෝග කර තිබේ. ලංකා ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස නිරෝධායනය සදහා යොමු කරන ලද්දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලේඛනයක් ලබා ගැනීමෙන් පසු බවට පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර  ජුලි 12 සඳුදා ප්‍රකාශ කර තිබුණි. “අපි අහනවා කෝ ඒ ලේඛනය. වහාම ඒ ලේඛනය ප්‍රසිද්ධියට පත් කරන්න,” යි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් අභියෝගයට ලක්…

Read More