ගුරු – විදුහල්පති විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් බත්තරමුල්ලේ දී සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබූ ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් බත්තරමුල්ල පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. එහිදී රබර් උණ්ඩ යොදාගෙන පොලීසිය සිදුකල වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙනවා.

විරෝධතාව හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයද සම්පූර්ණයෙන්ම ඇනහිටි බව වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්