12000 කට විශ්‍රාමික පාරිතෝෂික ගෙවා නෑ

පසුගිය වසරේ  විශ්‍රාම ගිය  රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි 1334ක් දෙන්න තිබෙන බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් එම මුදල් තවමත් ලබා දී නොමැති බවත් පසුගිය පෙබරවාරි 17දා කොළඹදී මාධ්‍ය හමුවක්  පවත්වමින් ඒ මහතා පැවසීය.

pension department Retirement Gratuity ceylon teachers union Joseph Stalin
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්

ආණ්ඩුව මේ ආකාරයෙන් මේවනවිට  විශ්‍රාමික පාරිතෝෂික මුදල් ගෙවීම පැහැර හැරීම පමණක් නොව විශ්‍රාම ගිය දින සිට විශ්‍රාම වැටුප ගෙවීමත් නිසි ආකාරයෙන්  සිදු කර නොමැති බව එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරන පරිදි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසු විශ්‍රාමිකයන්ට මාසිකව ලැබෙන විශ්‍රාම  වැටුප මෙන්  විසි හතර ගුණයක්, විශ්‍රාම පාරිතෝෂිකය මුදල ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ගෙවනු ලබයි.

Social Sharing
නවතම