ගෝඨා ගෙදර යන්න කියමින් අද රටම ගෙදර

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක්  අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ.
ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි.

මෙම වැඩවර්ජනයේ විශේෂත්වය වන්නේ ඇඟලුම් කම්හල් ද සිය හාම්පුතාලාගේ ඉල්ලීම මත වැඩ වර්ජනයට එකතුවී සිටීම නිසාය. ඒ අනුව රාජ්‍ය අංශයට අමතරව පුද්ගලික අංශය උද්‍යෝගයෙන් වැඩවර්ජනයට එකතුව සිටී.

මෙම වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්ව සිටින බව, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසී ය.

එසේම දුම්රිය සේවකයින් පිරිසක් ද වැඩ වර්ජනයට එක්ව සිටින අතර දුම්රිය පාලකවරුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේ ය.

තවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ද, සියලු සේවා අද සිදු නොකෙරෙන බව, එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසී ය. එනම් වැඩවර්ජනය හේතුවෙන් කාර්යමණ්ඩලය නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසාවෙනි.

මේ අතර වැඩවර්ජනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද දහවල් විරෝධතා ව්‍යාපාරවල නිරත වීමට තීරණය කර තිබුණත් රෝගීන් පීඩාවට පත්වනු ඇතැයි සිතා වෛද්‍ය සංගමය අද සිය රාජකාරි කටයුතු වල නිරත වීමට අදහස් කරගෙන ඇත.

එමෙන්ම අද, ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ඒමෙන් වළකින්නැයි සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැණිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය ගොවින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

Social Sharing
නවතම