පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් උද්ඝෝෂකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙදින පොලිසීය ඇතුළු බලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස ද නීති විරෝධීව අත්අඩංගුවට ගෙන කෘර අමානුෂික හා අවමන්සහගත සැලකිල්ලට බඳුන් කරනු ලැබ මේවන විටත් නීති විරෝධීව රඳවා තබා ගෙන සිටින ජෝසප් ස්ටාලින් මහතා ඇතුලූ පිරිසගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ද එහිදී ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ලෙන් 1. තලංගම පොලිසියේ ස්ථානාධිපති, 2. මිරිහාන පොලිසියේ ස්ථානාධිපති, 3. නුගේගොඩ කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සී.ඩී. ලියනගේ මහතා, 4.බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ඩී. කඩුපිටිය මහතා, 5. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, 6.පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා, 7.මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, 08 සිට 12දක්වා හඳුනා නොගත් පොලිස් නිලධාරීන්, 13.පාර්ලිමේන්තු වටරවුම ප‍්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, 14. මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී, 15. මුලතිව් ගුවන් හමුදා කඳවුර පිහිටි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, 16. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) 13(2) සහ 14(1) (ඌ) ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට නිර්දේශයක් ලබාදෙන ලෙස ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා ඇත.
එම පිරිසට එරෙහිව දණ්ඩනීති සංග‍්‍රහයේ, වධ හිංසා පනතේ සහ වෙනත් නීති වල දැක්වෙන පරිදි අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස සහ විනය පරීක්ෂණ සිදු කරන ලෙස අදාල බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත් පැමිණිලිකාර සංගමයේ සාමාජිකයන් සහ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්ද මේ ආකාරයටම කඩවීමට ඉඩ ඇති බැවින් එය නතර කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.
-ශානි-