අනීතිකව රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලූදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා මේ වන විට සියලුම ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන් වැලකී ඇත. මෙම වර්ජනයට සහාය පා හෙට (14) සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන්ද සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අයිතීන් ඉල්ලා විරෝධතාවයේ යෙදුන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඇතුළු ගුරු සංගම් නායකයින්, මේ වනවිට අනීතිකව හමුදා රැඳවුම් භාරයේ තබාගෙන ඇති බවය.
මේ අනීතිකව රඳවා සිටින සියලූදෙනා වහා මුදාහරින ලෙස ඉල්ලා හෙට (14) දින සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ගන්නා බව එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.
-ශානි-