“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!

“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ඡෝෂප් ස්ටාලිං, වී.අයි ලෙලින්, කාල්මාක්ස් සහ පියුම් හංසමාලි වෙනුවෙන්වත්, අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසූ මොහොමඩ් වැනි මේ කාටත් එක හා සාමාන බැවින් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මේ රටේ පොලීසියට සිදු වෙන බවද ඇය කියා සිටියි.

ජාතික ව්‍යසනයක් පවතින මෙවැනි අවස්ථාවක ගුරු මව්වරුන්ගේ පියවරුන්ගේ වෘත්තීය සමිති වලට නායකත්වය දෙන ප්‍රධානීන් ප්‍රසිද්ධියේ මෙම මාර්ගෝපදේශ කඩ කරනවා නම් පාසල් පටන්ගත්තාම දරුවන්ට මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න කියා පවසන්නේ කෙසේදැයි ඇය විමසා සිටියි.

එබැවින් දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල උවමනාවට, දේශපාලන බලපෑම් මත සිදු කරන දේශපාලන ඊනියා වෘතීය සමිති සටන් කොවිඩ් වසංගතය යම් කිසි පාලනයකට ගෙන එන තුරු නවත්වන්න කියා දෙයියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඇය මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

-ශානි-

Social Sharing
නවතම