රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී වශයෙනි. අපේ ඉතිහාසයේ පරසතුරු උවදුරු ගැන සඳහන් වෙයි. චෝල සහ පාණ්ඩ්‍ය ආදී ඉන්දීය ආක්‍රමණද, පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි ආදී යුරෝපීය ආක්‍රමණද ඉන් ප්‍රධානයි. එදා රජවරු විශාල හමුදා ගොඩනැගුවේ එවැනි පරසතුරු අනතුරුවලට මුහුණදීමටයි. රාජ්‍යත්වයට එරෙහිව රට අභ්‍යන්තරයෙන් මතුවන අභියෝගත් ඒ අතර තිබුණි. ඒවා ඇති වුණේ, ප්‍රාදේශීය නායකයන්ගේ හෝ රාජ්‍යත්වයට අයිතිය කියන පවුල් සහ ඥාතීන්ගේ මෙහෙයවීමෙන් ඇති…
Read MoreTag: පොදුජන පෙරමුණ
“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහා සංඝරත්නයේ මතය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. ආණ්ඩුවේ මතය ද මෙය බව ත් මුලින් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැදගත් බව ත් ඒ මහතා කීය. මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි ප්රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් සමග කළ සාකච්ඡාවකින් පසු පසුගිය දා පස්වරුවේ රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස්…
Read Moreගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් යන අයගේ නම් සදහන්ය.
Read Moreමහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)
මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල් ප්‍රශ්නයක් වෙලා, ඒනිසා ඔය අස්වීම රිවස් වෙන්නත් පුලුවන් කියලා. ඒ කොහොම වුණත් එදා තිබුණ කැබිනට් රැස්වීමෙදී ජනාධිපති මේ ඉල්ලා අස්වීම ගැන වගේම අලුත් සර්වපාක්ෂික ආණ්ඩුව ගැනත් කතාකරපු බව ඇත්තක්. ඒත් ඒ කැබිනට්ටුව ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ ආයිත් ඉතිං පරණ බෙර පදයම තමයි..! දැනගන්න තියෙන විදිහට නාමල් ඇතුලු පවුලේ පිරිස සහ බැසිල් රාජපක්ෂ මේ වෙලාවෙ මහින්ද…
Read Moreමහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණ සියආධාරකරුවන්ට දැනුන් දී ඇත. මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වන එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ගේ මෙමඉල්ලාසිටීම පිළිබඳව තම පක්ෂයේ මතය හෙට අරලියගහ මන්දිරය අභියසට පැමිණෙන ජනතාව හමුවේ ප්‍රකාශ කරන බවය.
Read Moreශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ජනතාව හෙට එනම් 09 වැනි දින ඉල්ලා අස්වෙමින් ආණ්ඩුව රට සාර්ථකත්වයට පත් කළ හැකි කණ්ඩායමකට භාර දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා ඇත.
Read Moreහිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී බී රත්නායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩලස් අලහප්පෙරුම, යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවනු ඇතැයි දැනගන්නට ඇත. තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත්…
Read Moreවිමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ. දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා…
Read Moreබැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇතැයි ද එම සාකච්ඡා තුළ දී ද බැසිල් රාජපක්ෂ නිසා මතබේද හටගෙන ඇතැයි වාර්තා වෙන අතර පසුගිය 3 දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවන් තුළ දී බැසිල් රාජපක්ෂ සමග මහින්දානන්ද අලුත්ගමගේ දීර්ඝ වාදයක පැටලුන බවද එම ප්‍රකාශකයා පැවසීය. ඉතා ඉක්මන් මැතිවරණයක් අරමුණු කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවද එම ආණ්ඩුව තුළ කුඩා කැබිනට්…
Read Moreකාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ නමට තිබෙන එකක් බව ප්‍රකාශ කරන ඒ මහතා මෙම බිල තවමත් නොගෙවා සිටියත් විදුලිය සිඳලන්නට ලංවීම කටයුතු කර ඇති බව ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලය තුළ මේ වනවිට විශාල පරිමාවකින් විදුලි බිල වැඩි කිරීමේ සාකච්ඡාවක් පවතින බවය. ලංවීම පාඩුව විදුලි පාරිභෝගිකයන් උරමතට වැටෙන්නට නියමිත බවද ඒ මහතා එහිදී ප්‍රකාශ…
Read More