කාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි.

මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ නමට තිබෙන එකක් බව ප්‍රකාශ කරන ඒ මහතා මෙම බිල තවමත් නොගෙවා සිටියත් විදුලිය සිඳලන්නට ලංවීම කටයුතු කර ඇති බව ප්‍රකාශ කරයි.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණ්ඩලය තුළ මේ වනවිට විශාල පරිමාවකින් විදුලි බිල වැඩි කිරීමේ සාකච්ඡාවක් පවතින බවය. ලංවීම පාඩුව විදුලි පාරිභෝගිකයන් උරමතට වැටෙන්නට නියමිත බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම