ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි.

සහන මිලට බඩු ලබාදීමට ආරම්භ කරන මෙම කඩ මුල් වටයේදී 14000ක් ඇරඹෙන බවද එම කඩවලට සතොස හරහා බඩු ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

එක ගමකට එක කඩයක් යන සංකල්පය යටතේ ගමට ලැබෙන මෙම කඩය ගමේ ප්‍රධාන පොහොට්ටු ආධාරකරුට ලැබෙන අතර පොහොට්ටු පාක්ෂිකයන් හට රුපියල් 2000ක සලාක කූපන් පතක්ද ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Social Sharing
නවතම