බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය

 

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙම පිරිසට අමාත්‍ය ධුර ලබාදීම ගැන සිය විරෝධය පළ කිරීම සඳහා අද (18) දින ජනාධිපතිවරයා මුණගැසෙන බව දැනගන්නට තිබෙන අතර බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ දූෂිතයන්ට අමාත්‍ය ධුර ලබාදුනහොත් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් රටතුළ ඇති වෙනු ඇති බවයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාත් සිය අවධානය යොමුකර ඇතැයි ප්‍රකාශ වෙන අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සජබ මන්ත්‍රී කණ්ඩායමකට අමාත්‍ය ධුර ලබාදීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

මේ අතර බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නව අමාත්‍ය ධුර ලබාදීමේදී පොදුජන පෙරමුනේ ප්‍රසන්න රණතුංග,
ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන
නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අතාවුල්ලා යන අයට අමාත්‍ය ධුර ලබාදෙන්න ලෙසය.

Social Sharing
නවතම පුවත්