බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය.

මේ වෙනවිට නව ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇතැයි ද එම සාකච්ඡා තුළ දී ද බැසිල් රාජපක්ෂ නිසා මතබේද හටගෙන ඇතැයි වාර්තා වෙන අතර පසුගිය 3 දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවන් තුළ දී බැසිල් රාජපක්ෂ සමග මහින්දානන්ද අලුත්ගමගේ දීර්ඝ වාදයක පැටලුන බවද එම ප්‍රකාශකයා පැවසීය.

ඉතා ඉක්මන් මැතිවරණයක් අරමුණු කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවද එම ආණ්ඩුව තුළ කුඩා කැබිනට් මණ්ඩලයක් යෝජිත බවද ප්‍රකාශ කළ එම ප්‍රකාශකයා එම ප්‍රතිසංස්කරණ වලින්ද ජනතාව සෑහීමකට පත් නොවුණොත් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත්වෙන්නට සිදුවෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම