ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් පිරිසක් විපක්ෂයට

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව එම පෙරමුණේ හිටපු සභාපති මහාචාර්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී අද (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, නීතීඥ උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල අද දිනයේ සිට විපක්ෂයේ අසුන්ගනු ඇත.

Social Sharing
නවතම පුවත්